පුවත්

කෙහෙලිය‌ට එරෙහි නඩුව අද කැඳවයි 

Published

on

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කාලයේදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අද (21) දින අධිකරණයේ පෙනී සිට ඇත.

එහිදී මූලික විරෝධතාවට අදාළ පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා අල්ලස් කොමිසමට කල් ලබා දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත සැප්තැම්බර් මස 20දා කැඳවන ලෙස නියෝග කළේය.

Trending

Exit mobile version