පුවත්

කෙහෙළියග‍ේ ගෙදර අය තවමත් පදින්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 

Published

on

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත කර මාස 2 1/2 කට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේ ලබාදුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ලබාදී නැතැයි වාර්තා වේ.

මේව බව හෙළිව ඇත්ත‍ේ අදාළ වාහන දෙක අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමින් අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට ඊයේ (17) සිදු කළ පැමිණිල්ලක් සමඟය.

ඔහු සිය පැමිණිල්ල මගින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විජේරාම මාවතෙන් ලබාදී ඇති නිල නිවසද මේවන විට අවභාවිතාවට පත්ව ඇති බවත්, ඒවා භුක්තිවිදින්නේ ඔහුගේ දරුවන් බවත් කියා සිටී.

කෙහෙළිය මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කර මේවන විට මාස 6ක් ගතවන බවද ඔහු පෙන්වා දී ඇත.

Trending

Exit mobile version