පුවත්

කෙහෙළියගේ පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

Published

on

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔහු විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවට අධිකරණයට දැනුම් දුන් අතර, අධිකරණයෙන් ඊට අවසර ලැබී ඇත.

මෙම අයිතිවාසිකම් පෙත්සම වැඩ බලන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලදී.

Trending

Exit mobile version