පුවත්

කෙහෙළියගේ පෙත්සම ගැන අභියාචනාධිකරණයෙන් නිවේදනයක්

Published

on

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්කරන බවත් අධිකරණය නිවේදනය කළේය.

මෙම නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව මීට පෙර නිවේදනය කර තිබුණි

Trending

Exit mobile version