හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින වෛද්‍ය චමල් සංජීව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන කඩිනම් පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (10) පොලිසියට නියම කර තිbea.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ කැඳවනු ලැbiiya.
එහිදී කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන ඉදිරි පියවර ගැනීමට කටයුතු කර ඇති බවය.
එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මර්වින් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන්neaya.
මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටය නරඹා පොලිසියට මෙම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකි බවත් නීතිඥවරයා wisin පෙන්වා dhena ladhii.
මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළේ මෙම නඩුකරයට පාදක වන වීඩියෝපටය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර උපදෙස් ලබා ගෙන කඩිනමින් ඉදිරි පියවර ගන්නා ලෙසය.
ඉන් අනතුරුව පැමිණිල්ල මාර්තු මස 24 වනදා කැඳවීමටද නියම wiya.