පුවත්

කෙහෙළියගේ මිලියන 90ක බැංකු ගිණුම්වලට තහනමක්

Published

on

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් කොමිෂන් සභාව සඳහන් කළේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රු. මිලියන 90කට අධික වටිනාකමකින් යුත්, ස්ථාවර බැංකු ගිණුම් 16 ක් සහ රක්ෂණ ඔප්පු 03 ක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පියවර ගත් බවය.

සම්බන්ධයෙන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ, 53 (1) වගන්තිය ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණ වරද යටතේ මෙම තහනම පැනවීමට පියවර ගත් බව එම නිවේදනයේ සඳහන් වේ.

Trending

Exit mobile version