පුවත්

කෙහෙළිය ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්

Published

on

ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් අප්‍රේල් 22දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔවුන්ව අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙහිදී පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් එහිදී නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් 5 වැනි සැකකරුව ඇප මත මුදාහැර ඇති බවත් වාර්තා වේ.

එසේම 10 වන සහ 11 වන සැකකරුවන්ට ඇප දෙනවාද නැත්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන්ව නැවතත් 10දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

(මූලාහ්‍රය : අද දෙරණ)

Trending

Exit mobile version