හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
ඒ , ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මාත්‍රා මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (22) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීය.
මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බැවින් හැකි ඉක්මණින් ඔවුන් සුදුසු වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවනේ පෙනී සිටි නීතිඥවරු ඊයේ අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාතවරිය නියෝග කළේ, ඊට අදාළ ඉල්ලිම් මෝසමක් හරහා දැනුම් දෙන ලෙසය.
මේ අනුව කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව සුදත් ජානක, රත්නකුමාර හේරත්, විජිත් ගුණසේකර යන අය වෛද්‍ය මණ්ඩලයකට යොමු කරන්නැයි, නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයින් හෘද රෝග, මානසික රෝග, පිලිකා රෝග, කායික රෝග සහ අමාංශ රෝගවලින් පෙලෙන බැවින් ඒ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට අවශ්‍ය බවයි.