Connect with us

පුවත්

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

Published

on

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව නීතිපතිවරයා ඊයේ (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට කියා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශ ඔස්සේ මේ බව තහවුරු වන බවය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නීති කෘත්‍යය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීය.

එහිදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම නඩුවේ පළමු සැකකරු වන සුදත් ජනක ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රමුඛ සෙසු සැකකරුවන් 10 දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් එවක කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශවල සම්පිණ්ඩන වාර්තාවක් රජයේ නියෝජ්‍ය ජනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කලේය.

“ස්වාමිනි, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ප්‍රකාශයෙන් කියා තිබෙනවා, කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී එහි ඇතුළත් කරුණු තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීම කියලා. ඒ වගේම අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අමාත්‍යවරයා සෑහිමකට පත්වෙනවා නම් පමණක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවටත්. එවැනි පසුබිමකයි ස්වාමිනි ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොකර මෙය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන්නේ.

ඒ වගේම ස්වාමිනි අප, හිටපු අමාත්‍යවරුන්ගෙන් විමසීමක් කළා කුමන පදනමකින්ද මෙම කැබිනට් පත්‍රිකාවට අවසර දුන්නේ කියලා. ඔවුන් සියලුදෙනා පොදුවේ කියූ කරුණක් තමයි එම හදිසි ඖෂධ මිලදීගැනීමට අවසර නොදුනහොත් සතියකින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වූ බැවින්, ඊට අවසර දුන් බව. එසේම අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ කැබිනට් පත්‍රිකාවේ සඳහන් නොවු පසුබිමක හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කරන්නේ සත්‍ය කරුණු බව අමාත්‍ය මණ්ඩලය විශ්වාස කළ බවද ඔවුන් සිය ප්‍රකාශවලින් කියා තිබෙනවා.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රකාශයේ සඳහන් වනවා, අදාළ ඖෂධ මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදුකරන බව හෝ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගන්නා බව දැන සිටියානම් කිසිසේත්ම ඊට අවසර නොදෙන බව. එබැවින් මෙම කරුණු මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම තුළ කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව පැහැදිලි වෙනවා “

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධ සැපයූ සැපයුම්කරු දෙසැම්බර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, නීතිකෘත්‍ය පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබේ.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථන බිල වූ රුපියල් 230,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකරන බවට චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජිත් නිශ්ශංක ඉදිරියේ විභාගයට ගැනුණි.

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනුණු අතර නඩු විභාගය යළි පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට නියමිතය.

පුවත්

හඳුන්නෙත්ති චාමරගෙන් සපෝට් එකක් ඉල්ලයි (වීඩියෝ)

Published

on

By

අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේදී හඳුන්නෙත්ති අමාත්‍යවරයා සීනි සහ එතනෝල් පිලිබඳ ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීම සිදු කරන ලදී..

එහිදී ඔහු කියා සිටියේ සීනි මෙට්‍රික් ටොන් විසිතුන්දහස් අනුහයක් සහ එතනෝල් ලීටර් විසි තුන්ලක්ෂ පනස්දහසක් රජය සතු වන බවය.

එසේම සීනි නිෂ්පාදනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වශයෙන් ඔහු යෝජනා කරනු ලබන්නේ ඒකාබද්ධ වල පැළෑටි කළමනාකරණය, පලිබෝධ හා රෝග පාලනය , ඒකාබද්ධ පාංශුපෝෂක කළමනාකරණය , වඩාත් සුදුසු ප්‍රභේද තෝරා ගැනීම ආදිය යි.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබුවේ එතනෝල් සඳහා රජයේ අවම මිල වන්නේ රුපියල් 800 බවයි. මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරින් මත්පැන් නිෂ්පාදන සමාගම තුලින් මුදල් ලබා ගන්නා බවද, ඔවුන් පිලිබඳ හෙලිදරව් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය.

එසේම ඔහු සඳහන් කලේ තමන් සතුව ඇත්තේ ගොවියන්ට ගෙවන ප්‍රමාණ අඩු කිරීම හෝ එතනෝල් මිල වැඩි කිරීමේ තීරණය බවය.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ එතනෝල් රුපියල 1200ට ලබා දුන් බවයි.  

වීඩියෝ  – Voice Tube

Continue Reading

පුවත්

සුමාත්‍රා දූපතට ගොඩබැස්වූ යානයේ මගීන් ගමනාන්තයට යොමු කිරීමට තවත් ගුවන් යානයක් (UPDATE)

Published

on

By

කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් නැවත ගමනාන්ත සඳහා යොමුකිරීමට තවත් ගුවන් යානයක් කටුනායකින් පිටත්කර යවා තිබේ.

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් හි ආයතනිත සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවේ, UL 302 ගුවන් යානය අද (06) පස්වරු 1.45ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගිය බවය.

මෙම යානය සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබස්වා එහි සිටින මගීන් සහ කාර්යමණ්ඩලය රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

කටුනායක සිට සිංගප්පූරුව දක්වා මගීන් 93 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ගුවන් යානයක් හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ අලුයම සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබුණි.


(පෙර පුවත 2025 ජූනි 06 ප.ව.12.01 )

ශ්‍රීලංකන් ගුවන් යානයක හදිසියේ කාර්මික දෝෂයකට ලක්වේ

කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි.  

එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවෙන බවට දැනුම්දීමත් සමග ගුවන් මගීන් එතෙක් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රීලංකන් බලධාරීන් තීරණය කර තිබේ.

කෙසේවෙතත් ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබානොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබූ අතර පසුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳාගැනීමට කටයුතු කර තිබූ බවද වාර්තා විය.  

මේ අතර කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන්යානය පරීක්ෂා කිරීම සඳහා අද (06) අලුයම ජකර්තා බලා පිටත්ව ගිය ගුවන්යානයක මෙරට තාක්ෂණික කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණි.

දෝෂයට ලක්වූ ගුවන්යානයේ මගීන් යළි ගෙන්වාගැනීම සඳහා අද දහවල් 1:45ට තවත් ගුවන්යානයක් පිටත්ව යෑමට නියමිතය.

Continue Reading

පුවත්

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 07ක්

Published

on

By

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන මේ වන විට පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ෂව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම් අද ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, මෙම පෙත්සම් පිළිබඳ විභාගය ලබන11 වන දා ආරම්භ කරන බවය.

එදින මෙම පෙත්සම් ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

මෙම පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ, යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර ඇති බවය.

තවද සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන්ද පැහැදිලි විධානයක් මෙම පනත් කෙටුම්පතේ සඳහන් වී නොමැති බවත් පෙත්සම්වලින් චෝදනා කර තිබේ.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved