Connect with us

පුවත්

කෙහෙළිය කිව්ව නිසා බෙහෙත් හැදුවා; ඇත්ත කියන්න හදද්දි CIDය කට වැහුවා

Published

on

‘සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මේ බෙහෙත හදලා දෙන්න කිව්වා. මට සල්ලි දුන්නා. මම බෙහෙත හදලා දුන්නා.’ යැයි ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සැපයුම්කරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (27) පස්වරුවේ අනාවරණය කළේය.

මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකරියේ හිටපු විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යන අය සම්බන්ධ බව අධිකරණයට දන්වා සිටි එම සැපයුම්කරු, මේ පිළිබඳව ඇමැතිවරයාගේ නම සඳහන් කරමින් ප්‍රකාශයක් දීමට සූදානම් වීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එය වැළැක්වූ බවද අධිකරණයට දන්වා සිටියේය.

ඒ හේතුවෙන් තම සේවාදායකයාට මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවන් හෙළිදරව් කරමින් සම්පූර්ණ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කිරීමට නොහැකි වූ බව සැකකාර සැපයුම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වෙත දන්වා සිටියේය.

එලෙස සැකකාර සැපයුම්කරු වන සුදත් ජනක ප්‍රනාන්දු නමැති අයගෙන් සටහන් නොකළ බව කියන සම්පූර්ණ ප්‍රකාශය බන්ධනාගාරයට ගොස් අද (28) දින සටහන් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

‘හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මෙම ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදෙන බවත්, ඊට අදාළ ප්‍රකාශය සටහන් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් නත්තල් දිනය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව අංක 121, විජේරාම මාවත, කොළඹ 7 ලිපිනයේ පිහිටි ඇමැතිවරයාගේ නිවසට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරේදා (26) ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම ප්‍රකාශය සටහන් කරගෙන අවසන් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඖෂධ මිලදී ගැනීම්වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ගැන හිටපු ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළා. එම ලේඛන පරීක්ෂාකර බැලීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රකාශයක් ලබාදෙන බව හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළා.’ එම සියලු ලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ, අමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයේ තිබෙන බවද හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා යැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය වෙත දන්වා සිටියේය.

‘හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ස්වෙච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දුන්නා කියන්නේ මෙම සිද්ධිය ගැන ඔහු දැනුවත්ව සිටියා කියන එක නොවේදැයි’ මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ ප්‍රශ්න කළාය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මෙම සිද්ධියෙන් බේරී සිටීමට නොයෙකුත් උත්සාහයන් දරන බව දැනට රිමාන්ඩ් භාරයේ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දන්වා සිටියේය.

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බව කියන ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීම්වලට අදාළව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සිය ඇමැති ධුරය දරන කාලය ඉදිරිපත් කරන ලද සියලුම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා, ඊට අදාළ ඇමැණුම් ඇතුළු ලේඛන වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළාය.

(අරුණ)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved