පුවත්

කෙහෙළිය යළි රිමාන්ඩ්

Published

on

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුලු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන ඖෂධ ගනුදෙනුවට අදාළ නඩුව අද යළි කැඳවීම සිදුවිය.

ඒ මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඉදිරියේ දීය.

එහිදී,  හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස 6 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම ඖෂධ නඩුවට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදුකිරීමට අධිකරණය විසින් අද උපදෙස් ලබා දෙන ලදී.

එසේම ඖෂධ නියාමන අධිකාරියේ හිටපු නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබදව ඉදිරි විමර්ෂණ සිදුකිරීම සදහා නීතිපතිවරයා අද අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

Trending

Exit mobile version