පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීමට කොළඹ මහාධිකරණය අද (23) අවසර ලබා දුන්නේය.
ඒ 2015 ජනාධිපතිවරණ සමයේදී රූපවාහිනි සංස්ථාවේ මුදලින් රුපියල් 990,000 ක මුදලක් වැය කරමින් ජී.අයි. බට මිලදී ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේ දී ය.
එහිදී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ රාජකාරි කටයුතු කිහිපයක් සදහා අමාත්‍යවරයාට විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසයි.
ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නොවැම්බර් 30දා සිට ලබන වසරේ පෙබරවාරි 29දා දක්වා කාලය තුළ විදේශගත වීමට අවසර ලබා දෙමින් කොළඹ මහාධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ මහතා අදාළ නියෝගය නිකුත් කළේය.
එම අවසරය ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා, ඔහුට එරෙහිව පවරා ඇති නඩුව දෙසැම්බර් 01 වැනිදා යළි කැදවීමට නියෝග කළේය.