Connect with us

පුවත්

කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ විදුහලේ නම වෙනස් කරයි

Published

on

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­පයේ කුණ්ඩ­සාලේ කොට්ඨා­ස­යට අයත් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම වහාම ක්‍රියා­ත්මක වන පරිදි වෙනස් කිරී­මට මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා ඊයේ (16) අනු­මැ­තිය ලබා දී තිබේ.

මෙම විද්‍යා­ලය කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය නමින් හැඳි­න්වී­මට පළාත් අධ්‍යා­පන දෙපාර්තුමේන්තුවේ ව්‍යුහ කමි­ටුව මඟින් යෝජ­නා­වක් ඉදි­රි­පත් කර තිබුණි.

ඒ අනුව,  මධ්‍යම පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා එම යෝජ­නා­ව­ට අනු­මැ­තිය ලබා දී තිබේ.

පසු­ගිය වක­වා­නුවේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංග­මයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතු­ළුව විවිධ වෘත්තීය සමිති හා මවු­පිය සංවි­ධා­නය යෝජනා ඉදි­රි­පත් කර තිබුණි.

මධ්‍යම පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව හඳුන්වා දුන් නැනෝදා අධ්‍යා­පන සංව­ර්ධන වැඩ­ස­ට­හන සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘ­තිය යටතේ 2012 වස­රේදී මෙම පාසල කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ප්‍රාථ­මික විද්‍යා­ලය යන නමින් හැඳි­න්වී­මට පිය­වර ගනු ලැබූ අතර නව තීර­ණ­යත් සමඟ මින් ඉදි­රි­යට මෙම පාසල කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය ලෙසින් හඳු­න්වනු ඇත.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2024 පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අනතුරුව මාස 6කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහුව පසුගිය සැප්තැම්බර් 11 වන දින ඇප මත මුදා හැරුණි.

පුවත්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරි කල පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක්

Published

on

By

සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරි ඉටුකල පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි

සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රි ලංකා පොලිසිය මේ බව දක්වා ඇත.

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000 කට අධික ප්‍රමාණයක් සේවයේ නිරත විය.

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආපු රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

Published

on

By

 තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත්, අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ගැටලුවේදී කිසිඳු අඩුපාඩුවක් තමන්ට පෙනෙන්නට නොමැති බව අද (28) අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

එම සම්පූර්ණ වීඩියෝව,

වීඩියෝ – Voice Tube

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දන්සල් සංවිධායකයන්ට දැනුම් දීමක්

Published

on

By

වෙසක් දන්සල් මැයි මස 09ට පෙර ලියා පදිංචි කළයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙයි.

ඵහි ලේකම් චමිල් මුතුකුඩ මහතා බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන සියලුම දන්සල් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියා පදංචි කිරීමට පියවර ගන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

දන්සල් පැවැත්වෙන කාල සීමාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන් දහසක් දන්සල්, ආහාර අලෙවිසල්, හෝටල්, ජංගම ආහාර අලවිසල් පරීක්ෂා කිරීමට යොදවන බව ලේකම්වරයා පැවැසීය.

දන්සල් ලියාපදිංචි කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී උපදෙස් ලබාගන්නා ලෙස පැවැසූ චමිල් මුතුකුඩ මහතා විසින් ආහාර, ජලය මගින් පැතිරී යන බෝවන රෝග වැළැක්වීම සඳහා දන්සල් පරිත්‍යාගශීලීන් සහ සෙසු ආහාර අලෙවි කරන්නන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද සඳහන් කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved