කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක අද (3දා) ආහාර විෂ වීමෙන් 114 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අද උදෑසන ආයතනය මගින් ලබාදුන් ආහාර වීමෙන් අනතුරුව ඇඟලුම් සේවිකාවන් රෝගී වී ඇති අතර රෝගී වූවන් ඉමදුව, අහංගම, කලුගල හා කරාපිටිය රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
මේ වන විට බොහෝ දෙනා ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.
හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.