හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි අවු 03 වයසැති දැරියක් ජාත්‍යන්තර වාර්තාවක් තැබිමට සමත් වී තිබේ.
සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හඳුන්වා දී එම වාර්තාව තැබු බව එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් මහතා පවසයි.
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස 06 වැනිදා ඉදිරිපත් වි ඇති අතර පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නාමයන් විනාඩියයි තත්පර 06 කින් නම් කර මෙම වාර්තාව පිහිටුවා ඇත.
දැරියගේ පියා කියා සිටින්නේ තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බවයි .
මෙම වාර්තාව පිහිටවනු ලැබුවේ එම පවුලේ වැඩිමහල් දියණිය වත අතර ඇය ඇතුළු පවුල කොටගල ඩ්‍රෙටන් වතුයායේ පදිංචි වී සිටින අතර දැරියගේ පියා සෙන්තුල් කුමාර් වෘත්තියෙන් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන අතර දැරියගේ මව ගුරු වෘත්තියේ නියැලි සිටි.
කොටගල ප්‍රදේශයේ අවු 03 වයසැති දැරියක් ජාත්‍යන්තර වාර්තාවක් තැබිම සම්බන්ධයෙන් කොටගල වෙලද සංගමයේ සභාපති විශ්වනාත් පුෂ්පා ඇතුළු වෙලද සංගමයේ සමාජිකයන් ඇයගේ නිවස වෙත ගොස් එම දැරියට උපහාර දැක්විමක්ද සිදු කොට තිබෙන බව වාර්තා වේ.