පුවත්

කොටන තුවක්කුවක් පත්තුවී දරුවෙක් මරුට

Published

on

අඹන්පොළ ආගරේ ප්‍රදේශයේ දී කොටන තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ 16 හැවිරිදි කැත්තපහුව, අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මියගිය දරුවා ඔහුගේ පියා හා මව සමග ආගරේ ප්‍රදේශයේ පොල් වගාකර ඇති ඉඩමේ පිහිටි පැල වෙත ගොස් ඇත.

එහිදී ළමයා පැලේ නතර කර ඔහුගේ මව සහ පියා ඒ අසල පිහිටි ගොයම් වගා කර ඇති කුඹුරේ පැලට ගොස් තිබේ.

එම අවස්ථාවේ පොල් වගා කරන ඉඩම දෙසින් වෙඩි ශබ්දයක් ඇසී ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේ දී තුවාල සහිතව සිටි පුතා දැක ඇත.

ඒ ආසන්නයේ කොටන තුවක්කුවක් තිබී ඇති බව ද සිදුකළ විමර්ශනයේ දී හෙළි වී තිබේ.

Trending

Exit mobile version