කොටහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට අද අලුයම පොලීසිය විසින් වෙඩි තබා තිබේ.
මට්ටක්කුලිය පොලීසිය විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය කියා සිටී.
පොලීසිය විසින් සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ දැරීමේදී අදාළ මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එම වෙඩි තැබීම සිදු කර ඇත.
වෙඩි තැබීමෙන් පසු අදාළ මෝටර් රථයේ රියදුරු මෝටර් රථය එම ස්ථානයේ දමා පලා ගොස් ඇති අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය සැක පළ කරන්නේ අදාළ මෝටර් රථයේ රියදුරු විසින් එම රථය පැහැරගෙන පැමිණ ඇති බවයි.
කොටහේන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.