Connect with us

පුවත්

කොට්ඨාස මැතිවරණ ප්‍රචාරක කාර්යාල අද රාත්‍රියෙන් පසු තහනම්

Published

on

අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

“අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබෙන සියලුම ඡන්ද කාර්යාල ඉවත්කිරීම අවශ්‍ය වෙනවා. ඊයේ වෙනකම් අවසර දීලා තිබුණා දිස්ත්‍රික්කයට එක ප්‍රධාන කාර්යාලයකුත්, සෑම ඡන්ද කොට්ඨාසයකම (ඡන්ද මධ්‍යස්ථානයකට අදාළ වන කොටසට) එක් කාර්යාලයක් බැගින් පවත්වාගෙන යන්න. නමුත් අද මධ්‍යම රාත්‍රියේ සිට විවෘතව තියන්න පුළුවන් වෙන්නේ මැතිවරණය කොට්ඨාසයේ නැත්නම් දිස්ත්‍රික්කය සඳහා එක් කාර්යාලයකුත්, ඡන්ද ප්‍රදේශයක් නැත්නම් පැරණි ආසනයක් සඳහා එක් කාර්යාලයකුත් පමණයි.  ඔවුන් ඉවත්කරගන්නේ නැත්නම් අපි, පොලිසිය මගින් ඒවා ඉවත්කරගන්න කටයුතු කරනවා.

අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් බවට පවත්වාගෙන යා හැකියි. නමුත් දැනට පවත්වාගෙන යන කාර්යාල හෝ අපේක්ෂකයාගේ නිවස ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර 500ක් ඇතුළත පිහිටුවා තිබෙනවා නම්, 21වැනිදා ඡන්ද විමසීම ආරම්භවීමට පෙර ඒ කාර්යාල ඉවත්කරගන්න ඕන. ඒ වගේම අපේක්ෂකයාගේ නිවස ඒ සීමාව තුළ තිබෙනවා නම් ඔහුගේ ඒ නිවසේ තියෙන සැරසිලි හා ප්‍රචාරක පුවරු ඉවත්කරගැනීම කළ යුතු වෙනවා.”

පුවත්

කොළඹ වෙසක් කලාප වෙනුවෙන් රථවාහන සැළැස්මක්

Published

on

By

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව අද (12) සිට බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය සහ සිරස වෙසක් කලාපය පැවැත්වෙන දිනවල දී මෙලෙස රථවාහන සැළසුමක් ක්‍රියාත්මක කෙරේ.

ඊට අදාළව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට විශේෂ රාජ්‍ය සමාව

Published

on

By

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01ක සමාවක් ප්‍රදානය කෙරෙන බවයි.

දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද අහෝසි කෙරෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කෙරෙන බවයි.

මෙම විශේෂ රාජ්‍ය  සමාව සඳහා කාන්තා රැඳවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් 40 දෙනෙකු, වාරියපොළ බන්ධනාගාරයෙන් 38 දෙනෙකු, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36 දෙනෙකු මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද රැඳවියන් නිදහස් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved