පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ලබන ඔක්තොම්බර් 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අංක 7 මහේස්ත්‍රාත් රථවාහන අධිකරණය විසින් නියෝග කර තිබේ.
සැකකරුවෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට ආගමන විගමන පාලකවරයාට ලිපියක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ඉකුත් 13 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.