Connect with us

පුවත්

කොත්මලේ කිරි පැකට් එකට දැන්මම VAT ගහලා; ඇමති නලින් පේජ්ට මක්කරයි?

Published

on

මෙරට ප්‍රධානම කිරි නිෂ්පාදන සන්නාමයක් වන කොත්මලේ ඩේරි ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මිලිලීටර් 170 වැනිලා කිරි පැකට්ටුවක මිල හිටි හැටියේම රුපියල් 100 දක්වා ඉහල නංවා තිබේ.

කෙසේවුවද, මිට පෙර මේ කිරි පැකට්ටුවක මිල සටහන්ව තිබුණේ රුපියල් 80ක් ලෙසය.

වැට් බදු ක්‍රියාත්මකවීමට නියමිතව ඇත්තේ ලබන 01 වැනිදා සිට වන අතර මෙසේ හදිස්සියේම මේ කිරි පැකට්ටුවක මිල රුපියල් 20කින් වැඩි කිරීම ජාතික පාරිභෝගික පෙරමුණ(JPP)පවා ප්‍රශ්න කර තිබේ.

කෙසේවුවද, වැට් බදු වැඩීවීම සිදුවන්නේද 18% කින් වන අතර රුපියල් 80ක් වූ කිරි පැක්ට්ටුව මෙසේ 20කින් වැඩි කිරීම කුමන බදු පදනමින් සිදුවූවක්ද යන්න පිළිබඳව ද සමාජ මාධ්‍ය තුළ පාරිභෝගිකයෝ ප්‍රශ්නකර ඇත.

කොත්මලේ ඩේරි ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම කුප්‍රකට ව්‍යාපාරික රංජිත් පේජ් මහතා ප්‍රධානත්වය දරනු ලබන මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Cargills (Ceylon) PLC හි පූර්ණ අනුබද්ධිත ආයතනයකි.

කොත්ම‍ලේ දේශීය කිරි ගොවීන් 17,000 කට අධික පිරිසකගෙන් නැවුම් කිරි ලබා ගන්නා බවත්, සමාගම හරහා බිලියන 5.2 ක සෘජු ආදායමක් දේශීය ගොවීන්ට ලැබෙන බවත් කාර්ගිල්ස් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

එම සමාගම දිනපතාම ලීටර් 180,000 ක් එකතු කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ නැවුම් කිරි එකතු කරන්නා ලෙස ස්ථාපිත බවද එහි දැක්වේ.

මීට පෙර දේශීය කුකුළු ගොවීන් විසින් බිත්තර මිල අධික ලෙස ඉහල දැමීම සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා ‍එම ගොවීන් මට්ටු කිරීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර සතොස හරහා රුපියල් 35 බැගින් බිත්තර අලෙවි කරනු ලැබීය.

කසේවුවද, සතොසේ බිත්තර රුපියල් 35ට අලෙවි කළද තවමත් දේශීය කුකුළු ගොවීන් බිත්තර විවිධ මිලට අලෙවි නරනු ලැබේ.

ඊට පහත ජායාරූප සාක්ෂි සපයයි.

බිත්තර තොග වෙළඳුන්ගේ සංගමයේ සභාපතිවරයා වෙළඳ ඇමතිවරයාගේ ඥාතියක් බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

කාර්ගිල්ස් සමාගම පසුගිය දිනවලදී පාරිභ‍ොගිකයන්ට සිදු කළ අකටයුතුකම් කිහිපයක් සම්බන්ධයෙන්ම මාධ්‍ය වාර්තා පලව තිබිණි.

සබැඳි පුවත්:

පැකට්ටුවේ බේගල් දැමූ ප්‍රීමා නූඩ්ල්ස් විකුණූ කාර්ගීල්ස්ට නඩුවක්!

පේජ්ලාගේ කාර්ගිල්ස් ගෝලයෝ පහරදී කතක් නිරුවත් කරයි (වීඩියෝ)

පේජ්ලාගේ තවත් වැඩක්; KFC චිකන් බකට් එකට පරණ චිකන් දීලා

කාර්ගිල්ස් ඇපල් යුෂ තත්ත්වයෙන් බාලයි, නඩුවක් පවරයි

KFC හි කුණු වැල්ලවත්ත මුහුදු වෙරළට දාලා! (ඡායා)

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved