පුවත්

කොමිෂන්වලට සාමාජිකයෝ දාන්න ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

Published

on

ව්‍යවස්ථාදායක සභාව අද (07) යළි රැස්වීමට නියමිතව තිබේ.

ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 සහ 30 යන දෙදින තුළ රැස්වී තිබිණි.

අද ව්‍යවස්ථාදායක සභාව කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවදානය යොමු කිරීමට නියමිත බව පැවසේ.

පෙබරවාරි මස පළමු වැනිදා සිට පෙබරවාරි මස 15 වනදා දක්වා කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට පළමු රැස්වීමේ දි තීරණය කර තිබිණි.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම සඳහා ද සාමාජිකයෙකු යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාව ද අද දිනයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

Trending

Exit mobile version