ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩු වූ ධුරයට අභියාචනාධිකරණයේ සභාපති එම්.කේ.පී. ප්‍රනාන්දු මහතා පත්කිරීමට ජනාධිපතිවරයා සිදුකර ඇති නිරිදේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව ඇත.
මේ අතර, එන්.බී.පී.ඩී.එස්. කරුණාරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ වගන්තියේ උපලේඛනයේ දක්වා ඇති කොමිෂන් සභා සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවමින් 2023 පෙබරවාරි 01 වැනිදා පුවත්පත්වල දැන්වීම පළ කිරීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහිදී තීරණය කර තිබේ.