Connect with us

පුවත්

කොමිසමෙන් මාධ්‍යටත් කොන්දේසි

Published

on

නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු තහනම් නිහඬ කාල සීමාව  අද (11) මධ්‍යම රාත්‍රි 12.00 න්  ආරම්භවන අතර එයින් පසු  මැතිවරණයේ  ප්‍රචාරක කටයුතු  නොකළ  යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද පැවැත්වෙන අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්ශන හා විස්තර විකාශය කිරීම  හෙට රූපවාහිනී හා ගුවන් විදුලි විකාශවල එක්  ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයකට පමණක් සීමා කළ යුතු  බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේය.

එමෙන්ම පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී වෙනත් විස්තර හෝ අදහස් නොමැතිව   පුවත්පතේ  පුවත් සිරස්තලය පමණක් ඉදිරිපත් කළ යුතු බව නිවේදනයෙන් පෙන්වාදෙයි.

අද පැවත්වෙන ප්‍රචාරක රැස්වීම් වාර්තා හෙට පුවත්පත් හා ඒවායේ සමාජ මාධ්‍ය ජාලාවන්හි පල  කළ හැකිවන අතර අනෙකුත්  සියලු සමාජ මාධ්‍ය ජාලාවලටද මෙකී කොන්දේසි අදාලවන බවත්    මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේය.

එමෙන්ම 13 හා 14 දෙදිනෙහි පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී හෝ වෙනත්  ලෙසකින් මැතිවරණයේ   දේශපාලන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම හෝ  පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට හෝ අගතියට පත්වන අන්දමේ කිසිදු පුවතක් හෝ පළ නොකළ යුතු බවටද මැතිවරණ කොමිෂන් සභාව සියලු මාධ්‍ය ආයතනවලට  කොන්දේසි පනවා තිබේ.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved