පුවත්

කොරලවැල්ලේදී කඩුවකින් අයෙකුගේ දෑත් කපාගෙන අරන් ගිහින්!

Published

on

තියුණු ආයුදයක් රැගෙන ආ පුද්ගලයකු මහ මඟදී සහසික ලෙස විදුලි කාර්මිකයකුගේ දෑත් කපා වෙන්වූ කොටස් ද රැගෙන යාමේ සිද්ධියක්  මොරටුව කොරලවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිද්ධියෙන් කැපුම් තුවාල ලබා ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙම පහර දීම සිදු වූ සැණින් ප්‍රදේශවාසීන් 1990 ගිලන් රථ සේවාවන් ඔස්සේ තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

තුවාලකරුගේ  නිවැසියන් මොරටු පොලිසියට කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර වෙන් වූ අත් කොටස්  සැකකරු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තමාට පහරදුන් සැකකරු පිළිබඳ තොරතුරු  තුවාලකරු ලබා දී ඇති අතර ඔහු සිද්ධිය වූ වහාම ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.

විදුලි කාර්මියයාගේ දෑත් වැලමිටට පහළින් ශරීරයෙන් වෙන්වන සේ කැපී ගොස් තිබේ.

එසේ රැගෙන  ගිය අත් කොටස් සොයා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට කපා වෙන් වූ කොටස් තිබුණේ නම් එය  බද්ධ කිරීමට හැකියාව පැවතුණු බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Trending

Exit mobile version