Connect with us

පුවත්

කොරියානු භාෂා විභාගයට අයදුම්පත් 85000 ක්

Published

on

දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා මෙම වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072 ක් අයදුම්කර ඇති බවත් කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් අයදුම් කළ වැඩි සංඛ්‍යාව මෙය බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පසුගිය වසරේදී ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 31,378 ක් පමණ  වන අතර ඊට සාපේක්ෂව මෙවර විභාගය සඳහා ඉතා ඉහළ සංඛ්‍යාවක තරුණ තරුණියන් පිරිසක් අයදුම්කර තිබේ.

මෙම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ද කාර්යාංශය මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ අනුව 13,000 කට අධික තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා මේ වන විටත් විභාග ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබේ.

මේ අනුව  නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය ලබන මාර්තු 13 දින ආරම්භවීමට නියමිත අතර ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා විභාගය ලබන සැප්තැම්බර් 1 දින ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇත.

මෙම විභාග පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී  පැවැත්විමට නියමිතය.

මෙම කොරියානු භාෂා පරික්ෂණ විභාගය සහ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

(ලංකාදීප)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved