පුවත්

කොල්ලුපිටිය මහල් නිවාස සංකීර්ණයකින් පැන විදේශිකයෙකු සියදිවි නසා ගනියි

Published

on

කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් පැන විදේශිකයෙකු සියදිවි හානි කරගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පසුගිය 03 වැනිදා මෙම විදේශිකයා මෙම මහල් නිවාස සංකීර්ණයෙන් පැන ඇති බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙළුනු පුද්ගලයෙකු බවට ද නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පැවසීය.

මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇති අදාල පුද්ගලයා එහි 7වන මහළින් බිමට පැනීමට උත්සහ දරන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබු අතර ඒ අනුව පොලිස් නිළධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් ඔහු වැළැක්වීමට උත්සහ දරා තිබුණි.

කෙසේවෙතත් එහිදි ඔහු පොලිස් නිළධාරින්ට ද පහරදී ඉන් පැන සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය සදහන් කළේය. 

මියගිය විදෙස් ජාතිකයා රැදීසිටී ස්ථානයේ තිබූ දේපල වලටද ඔහු විසින් හානි සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. 

Trending

Exit mobile version