කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරින් පසු පළා ගොස් සිටි මොටර් රථයේ රියදුරු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවු අතර අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගියේය.
අනතුරින් පසු මෝටර් රථය පැදවු රියදුරු රටින් පළාගොස් ඇතැයි තොරතුරු වාර්තා විය.
මූලාශ්‍රය අද දෙරණ