Connect with us

පුවත්

“කොවිඩ් තවම ඉවර නෑ; සිව්වන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ගන්න”

Published

on

සිව්වන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත (දෙවන වර්ධක මාත්‍රාව) ලෙස සයිනෝෆාම් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගේ ඉල්ලීමක් කරයි.

ඒ මෙරටින් කොවිඩ් අවධානම තවමත් පහව ගොස් නොමැති බව පවසමිනි.

මේ වනවිට ලොව පුරා යළි කොවිඩ් ව්‍යාප්තවීමේ අවධානමක් ඇති නිසා ඒ පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය අවධානයෙන් සිටින බව එහි ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටී.

පසුගිය කාලයේ සිව්වන මාත්‍රාව ලෙස ෆයිසර් කොවිඩ් එන්නත ලබා දුන් අතර එම එන්නත් කල් ඉකුත්වීමෙන් පසු භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන ලදී.

ඉන් පසුව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ සිව්වන මාත්‍රාව ලෙස සයිනෝෆාම් එන්නත මෙරට පුද්ගලයන්ට ලබාදීමට සෞඛ්‍ය බලධාරින් තීරණය කරන ලදී.

ඒ අනුව ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකට ගොස් සයිනෝෆාම් එන්නත පහසුවෙන් ලබාගැනීමට හැකියාව පවතී.

මෙරටට සයිනොෆාම් එන්නත් දෙකෝටි හැට ලක්ෂයක් ලැබුණ අතර මේ වනවිට ඉන් දෙකෝටි තිස්තුන් ලක්ෂ විසි එක්දහදස් නවසිය හැටදෙකක් පුද්ගලයන්ට එන්නත කර ඇත.

තවමත් මෙරට සයිනෝෆාම් එන්නත් විසිහයලක්ෂ හැත්තෑඅටදහස් තිස් අටක් ඉතිරිව ඇත.

එම නිසා කොවිඩ් එන්නත් මාත්‍රා ලාබාගෙන නොමැති ඕනෑම පුද්ගලයෙකුට සයිනෝෆාම් එන්නත ලබාගැනීමට හැකියාව පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටී.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved