සිව්වන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත (දෙවන වර්ධක මාත්‍රාව) ලෙස සයිනෝෆාම් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගේ ඉල්ලීමක් කරයි.
ඒ මෙරටින් කොවිඩ් අවධානම තවමත් පහව ගොස් නොමැති බව පවසමිනි.
මේ වනවිට ලොව පුරා යළි කොවිඩ් ව්‍යාප්තවීමේ අවධානමක් ඇති නිසා ඒ පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය අවධානයෙන් සිටින බව එහි ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටී.
පසුගිය කාලයේ සිව්වන මාත්‍රාව ලෙස ෆයිසර් කොවිඩ් එන්නත ලබා දුන් අතර එම එන්නත් කල් ඉකුත්වීමෙන් පසු භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන ලදී.
ඉන් පසුව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ සිව්වන මාත්‍රාව ලෙස සයිනෝෆාම් එන්නත මෙරට පුද්ගලයන්ට ලබාදීමට සෞඛ්‍ය බලධාරින් තීරණය කරන ලදී.
ඒ අනුව ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකට ගොස් සයිනෝෆාම් එන්නත පහසුවෙන් ලබාගැනීමට හැකියාව පවතී.
මෙරටට සයිනොෆාම් එන්නත් දෙකෝටි හැට ලක්ෂයක් ලැබුණ අතර මේ වනවිට ඉන් දෙකෝටි තිස්තුන් ලක්ෂ විසි එක්දහදස් නවසිය හැටදෙකක් පුද්ගලයන්ට එන්නත කර ඇත.
තවමත් මෙරට සයිනෝෆාම් එන්නත් විසිහයලක්ෂ හැත්තෑඅටදහස් තිස් අටක් ඉතිරිව ඇත.
එම නිසා කොවිඩ් එන්නත් මාත්‍රා ලාබාගෙන නොමැති ඕනෑම පුද්ගලයෙකුට සයිනෝෆාම් එන්නත ලබාගැනීමට හැකියාව පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටී.