කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයට රණාල – සුදවිල ප්‍රදේශයේදී බෝ ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සදහා බාධා එල්ල වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ, බෝ අත්ත කඩා වැටීම නිසාවෙන් ප්‍රදේශයේ විදුලි කණු ගණනාවකට හානි සිදුව ඇති අතර මේ හේතුවෙන් එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇති බවය.
මේ හේතුවෙන් එම මාර්ගය වෑවිල හන්දියෙන් සහ සියඹලා ගස් හන්දියෙන් තාවකාලික බර වාහන ගමන් කිරීම නවතා දැමීමටද පොලිසිය කටයුතු කර තිබුණි.
ප්‍රදේශවාසීන් සහ පොලිසිය මේ වන විට අතු කපා දැමීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.