කොළඹ ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබෙන බව පොලිසිය පවසයි.
ඊයේ (29) දහවල් කාන්තා මළසිරුරක් ඇති බවට පොලීසියට ලද ඇමතුමක් අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේදී මෙම මළ සිරුර සොයා ගැනිණි.
ඇයගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති අතර මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන තැනැත්තියකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.