කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී ඇතැයි කොළඹ මහනගර සභාව පවසයි.
එහි ඉඩම් හා පරිසර සංවර්ධන අධ්‍යක්ෂ ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා මාධ්‍යට පවසා ඇත්තේ පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ තත්ත්වය ඇතිව ඇති බවයි.
කෙසේවුවද, මෙසේ කඩා වැටී ඇති ගස්වලින් ගස් 19ක්ම කඩා වැටී ඇත්තේ විහාර මහාදේවි උද්‍යානයෙන් බවද ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා පවසයි.