Connect with us

පුවත්

කොළඹ – ගාල්ල පාරේ වාහන ගමනාගමනය සීමා වෙයි

Published

on

ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර වෙනුවෙන් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර තිබේ.

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර හෙට (23) සහ අනිද්දා (24) දෙදින තුළ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතය.

මෙම පෙරහැර 23 වනදා දහවල් 01 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළ මෝදර දේවාලයෙන් ආරම්භ වී දේවාල මාර්ගය ඔස්සේ හිරේවතන බුදු පිළිමය තෙක් ගමන් කර අම්බලන්ගොඩ පරණ පාර මහා වීදිය ඔස්සේ සිරිකත වටරවුම දක්වා ගමන් කර ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස ගාල්ල දෙසට ගමන් කර ඌරවත්ත පාලම අසලින් දේවාල මාර්ගය ඔස්සේ දේවාලය වෙත පැමිණීමට නියමිතව තිබේ.

24 වනදා රාත්‍රී 09 සිට අළුයම 03 දක්වා කාලය තුළ විහාරස්ථානයෙන් ආරම්භ වී ඉහත මාර්ගය ඔස්සේ දේවාලය වෙත පැමිණීමට නියමිතය.

ඉහත කාලයන් තුළ ගාල්ල – කොළඹ මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන (බර වාහන හැර) විකල්ප මාර්ගය වන සංඝරාජ විහාරය අසලින් කැපූ ඇළ හන්දිය ඔස්සේ පොල්වත්ත හන්දිය හරහා අම්බලන්ගොඩ කම්කරු කාර්යාලය දෙසින් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ගාල්ල දෙසට ගමන් කළ හැකි බව එහි සඳහන්ය.

පුවත්

අද ආරම්භ වෙන තැපැල් ඡන්දය

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වේ.

අද තැපැල් ඡන්දය සලකුණු කළ නොහැකි වන පුද්ගලයින්ට 25, 28 සහ 29 දිනවලදී ඒ සඳහා අවස්ථාව පවතී.

සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරීවල යෙදීසිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන්  විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවා තිබේ.

ඒ අනුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද , ඔවුන්ට අයත් හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 6 පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය අත්හිටුවයි

Published

on

By

සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසීය.

මේ වන විටත් අධික ජනතාවක් එක් රැස්වී සිටිනන නිසා අද සහ හෙට දිනයන්හි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස ජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටි.

එම හේතුව පදනම් කරගෙන ශ්‍රී ලංකා පොලිසිය මෙම තීරණය ගෙන ඇත.

Continue Reading

පුවත්

අනවශ්‍ය වෙලාවක හෙල්මට් දාගෙන සිටින පිරිස් ගැන පොලිසියේ වැඩි අවධානයක්

Published

on

By

ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව දැනුම් දී තිබේ.

පසුගිය කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරික්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

හිස්වැසුම් පැළඳ සිටීම අවශ්‍ය වනුයේ යතුරුපැදියක ගමන් කරන අවස්ථාවන්හිදී වන අතර එය පැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් වේ.

එබැවින් යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved