පුවත්

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයින්ට පුස් ආහාර

Published

on

කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට ලබා දෙන වියලි ආහාර සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල හා පුස් බැදුණු ඒවා බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

වසර විස්සක පමණ කාලයක් තිස්සේ එම ප්‍රසම්පාදන කටයුතු සිදුවන්නේ මේ ආකාරයෙන් බවද ඔහුගේ චෝදනාවයි.

මේ පිළිබඳව විෂය භාර අධ්‍යක්ෂවරුන්ට පැමිණිලි කර ඇතත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබූ බවද බෙල්ලන මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම ප්‍රසම්පාදන කටයුතු සඳහා මසකට විශාල මුදලක් සැපයුම්කරුවන්ට ගෙවන බවද පැවසූ හෙතෙම එම ආහාර සපයන කොන්ත‍්‍රාත් සමාගම බන්ධනාගාරය, හමුදා කඳවුරු යන රාජ්‍ය ආයතන වලටද වියළි ආහාර සපයන බව වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version