Connect with us

පුවත්

කොළඹ දේපළ ව්‍යාපාරයක ඉන්දීය කළු සල්ලි

Published

on

කොළඹ කොටුවේ ක්‍රිෂ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් ජාවාරමක් සමග සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

දැනට අතරමග නතර කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කළ ක්‍රිෂ් රියල් ටෙක් සමාගම සහ එහි ප්‍රවර්ධකයා වන අමිත් කට්යාල් ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ඉන්දියාවේ නීති බලාත්මක කිරීමේ ආයතනය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම ආයතනයේ නවදිල්ලි නුවර ගුරුග්‍රාම් කලාපීය කාර්යාලය විසින් මෙම විමර්ශනය සිදුකර ඇති අතර ඔවුන් විසින් මෙලෙස අයථා ලෙස ඉපැයූ ධනයෙන් මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් කෝටි 224.08ක් වටිනා නිශ්චල දේපළ අතර කොළඹ අක්කර හතරක ඉඩමක් සහ අඩක් නිමවී ඇති සුපිරි හෝටලයක් පවතින බවද අනාවරණය කරගෙන ඇත.

මෙම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අමිත් කට්යාල් ඔහුගේ සමීපතයන් සහ ක්‍රිෂ් රියල්ටෙක් පෞද්ගලික සමාගම ආයෝජකයන් ගණනාවකට වංචාසහගත ලෙස මුදල් ලබා ගනිමින් රුපියල් කෝටි ගණනක මුදලක් විවිධ රටවලට සම්ප්‍රේෂණය කර ඇති බව ය.

සමාගම බොහෝ පුද්ගලයන් රැවටීමට ලක් කරමින් වැරැදි තොරතුරු ඉදිරිපත් කරමින් මෙම වංචාව සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

මේ පිළිබඳව තවදුරටත් හෙළි වී ඇත්තේ, ඉන්දියාවේ නවදිල්ලියේ ගුආගොන් ප්‍රදේශයේ මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයන්ගේ මුදල් ලබා ගත්තද වසර 13ක් යන තෙක් එම නිවාස ලබා දීමට අමිත් කට්යාල් කටයුතු කර නැති බවට ලද පැමිණිලි විමර්ශනය කිරීමේදීය.

ඔවුන් විසින් මෙම නිවාස ආයෝජකයන්ගෙන් කෝටි 503ක මුදලක් එකතු කර ඇති බව පැවසෙන අතර එම මුදල් ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් පෞද්ගලික සමාගම (කලින් ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර් සමාගමේ) ගිණුමකට බැර කර ඇති බව අනාවරණය වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම ඉන්දීය නීති බලාත්මක කිරීමේ අධිකාරිය පියවර ගෙන තිබේ.

මූලාශ්‍රය – මව්බිම

පුවත්

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

Published

on

By

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර පසුගිය සමයේ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් එලෙස සිරකරුවන් නිදහස් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා දිවයින පුරා පිහිටි බන්ධනාගාර 28 සඳහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොමුකර ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔවුන් ඊට අදාළ විමර්ශන කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියා නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙවන විට එම බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාද රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Continue Reading

පුවත්

ඖෂධ හිඟ­යක් තිබි­යදී ආණ්ඩුව නිහඬ පිළි­වෙ­තක් ගෙන යනවා (වීඩියෝ)

Published

on

By

රටේ අත්‍ය­වශ්‍ය ඖෂධ රැසක හිඟ­යක් පව­තින බවත් ආණ්ඩුව නිහඬ පිළි­වෙ­තින් බැහැර වී කඩි­නම් විස­ඳුම් දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පවසයි.

ඒ මහතා මේ පැව­සුවේ විශේෂ ප්‍රකා­ශ­යක් කර­මිනි.

“නිද­හස් සෞඛ්‍ය සේවාව තුළ කාර්ය­ක්ෂම සේවා­වක් රටේ ජන­තා­වට ලබා ගැනීම මූලික අයි­ති­වා­සි­ක­මක්. මේ මොහොත වන විට අප රටේ සෞඛ්‍ය පද්ධ­තියේ බර­ප­තළ කඩා­වැ­ටී­මක් සිදුව තිබෙ­නවා. ශල්‍ය උප­ක­රණ ඇතුළු බර­ප­තළ ඖෂධ හිඟ­යක් ඇතිව තිබෙ­නවා.

පිළිකා රෝගීන්ට, හෘද රෝගීන්ට, අධික රුධිර පීඩ­නය ඇති රෝගීන්ට, වකුගඩු රෝගීන්ට, දිය­වැ­ඩියා රෝගීන් භාවිත ඖෂධ මෙන්ම වේදනා නාශක, පිළිකා නාශක ඖෂධ සිය­ල්ල­කගේ බර­ප­තළ හිඟ­යක් ඇති බවට වාර්තා වෙනවා.

වාර්තා වන ආකා­ර­යට 180කට වැඩි ඖෂධ ප්‍රමා­ණ­යක හිඟ­යක් තිබෙ­නවා.

….මේ ඖෂධ හිඟ­යට රජ­යෙන් විස­ඳුම් ලබා නොදී ජන­තා­වගේ මේ මූලික හා මානව අයි­තිය උල්ලං­ඝ­නය කර­මින් සිටි­නවා.

කිසිදු විස­ඳු­මක් නොලැ­බෙන ප්‍රති­ප­ත්ති­යක් රජය ක්‍රියා­ත්මක කර­නවා. පාර්ලි­මේ­න්තුවේ මේ ගැන විමසූ අව­ස්ථාවේ පවා ඒවාට පවා විස­ඳුම් නැහැ.”

Continue Reading

පුවත්

දේශබන්දු අද සිට දිනපතා පාර්ලිමේන්තු කමිටුව හමුවට

Published

on

By

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (16)  සිට දිනපතා රැස්වීමට නියමිතය.

විමර්ශන අවසන්වන තුරු පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වනු ඇත.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරු 9.30 ට කමිටුව හමුවේ පෙනී සිටිමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන් ය.

එම පරීක්ෂණ කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදි රැස්වී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කිහිපදෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කරගන්නා ලදී.

මෙම පරීක්ෂණ කමිටුව විසින් ද පසුගිය 11 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ද සාක්ෂිකරුවන‍්ගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved