හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත්, අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙසත් එම මණ්ඩලය පවසයි.
අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නල එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරේ.