ලුණුඔය පිටාර ගැලිමෙන් කොළඹ පුත්තලම මාර්ගයේ මහඔය ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අද (21 ) පැවසිය.
පාරු ඔයේ ජලය ගලාවිත් ලුණූඔය පාලමින් කොළඹ පුත්තලම මාර්ගය අසලින් මෙසේ ජලයෙන් සම්පුර්ණයෙන් යටවී ඇති බව පැවසේ.
ආපදා කළමණාකරන ඒකකයේ නිළධාරීන් පවසා සිටියේ මෙම ජල මට්ටම දහවල් වන විට වැඩිවිමේ අවදානමක් මතුව ඇති බවයි.
ඒ හේතුවෙන් මාර්ගයේ ගමන් කිරීමේදි ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙස දිස්ත්‍රික් ආපදා කළනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.