පුවත්

කොළඹ පුරපති තීන්දුවට විපක්ෂයේ තීරණාත්මක හමුවක්

Published

on

කොළඹ මහ නගර සභා පුරපති සටනට විපක්ෂයෙන් ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳව අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කොළඹදී අද (12) සාකච්ඡාවක් පවත්වන බව එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

සමගි ජන බලවේග නායකත්වය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව මුස්ලිම් කොංග්‍රසයේ නායකයා පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කණ්ඩායම් නායක ඇතුළු පිරිසක් ද සහභාගී වන බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ වනවිට කොළඹ මහ නගර සභාවේ පුරපති ලෙස විපක්ෂයෙන් රිසා සාරුක් යෝජනා කර තිබේ.

මූලාශ්‍රය – මව්බිම

Trending

Exit mobile version