පුවත්

කොළඹ මන්ත්‍රී ධූර 19ට අපේක්ෂකයෝ 966ක්

Published

on

මෙවර මහ මැතිවරණයට වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 18ක් සඳහා අපේක්ෂකයන් 966 දෙනකු ඉදිරිපත්ව ඇත. 

ඒ පිළිගත් දේශපාලන පක්ෂවලින් 567දෙනකු සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 399ක් වශයෙනි. 

කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 1,765,351ක් ලෙස දැක්වේ.

එසේම මන්ත්‍රී ධුර 19ක් වෙනුවෙන් අපේක්ෂකයන් 902ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව තිබේ. 

ඒ පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 528ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 374 ක් ලෙසිනි. 

ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව වන්නේ 1,881,129කි.

Trending

Exit mobile version