Connect with us

පුවත්

කොළඹ – මහනුවර දුම්රිය රියැදුරා දුම්රිය මඟදමා පැන යන්න හදලා!

Published

on

කොළඹ සිට මහනුවර බලා අද පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පලා යද්දී දුම්රියේ සිටි මගීහු ලුහු බැඳ ගොස් අල්ලා දුම්රිය සහාය රියදුරා යොදවා දුම්රමහනුවර දුම්රිය ස්ථානයට ධාවනය කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

පසුව එම බීමත් රියදුරා දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට බාරදීමට පියවර ගෙන තිබේ.

මෙම සිද්ධිය දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාටද මගීන් හරහා පැමිණිලි කිරීමෙන් පසු, නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරී වරයාටද දැනුම් දී අදාළ රියදුරාට එරෙහිව දුම්රිය ආරක්ෂක අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යන බවද වාර්තා වේ.

මෙම සිද්ධිය නිසා කොළඹ සිට පැමිණි දුමිරියේ මගීන්ද කලබලයට පත්ව ඇත.

මෙම දුම්රිය මහනුවරට ළඟා වීමට නියමිතව තිබුණේ ප .ව.1 .40 ට වුවත් දුම්රිය පැමිණ ඇත්තේ සවස 2 30 ට බව මගීහු පැවසූහ.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved