පුවත්

කොළඹ වරායේ කන්ටේනර් රථයක මළ සිරුරක්

Published

on

කොළඹ වරායේ යූ.සී.ටී අංගනය වෙත භාණ්ඩ නිශ්කාශණය සඳහා පැමිණි කන්ටේනර් රථයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ, එම කන්ටේනර් රථයේ රිය සහයකයා එලෙස මිය ගොස් ඇති බවය.

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ රේගු වර්ජනයෙන් පසු භාණ්ඩ නිශ්කාශණ කටයුතු ප්‍රමාදව සිදු වන හෙයින් තවදුරටත් කන්ටේනර් රථ තදබදයක්ද නිර්මාණය වී ඇත.

පුද්ගල මළ සිරුර හමුවූ කන්ටේනර් රථය භාණ්ඩ නිශ්කාශණය සඳහා පසුගිය සිකුරාදා පැමිණ තිබූ අතර වරාය ආරක්ෂක නිලධාරියෙකු කළ සෝදිසි කිරීමේදී මෙම රිය සහයකයාගේ මළ සිරුර සොයා ගත් බව සදහන්ය.

ඔහු අංගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

Trending

Exit mobile version