පුවත්

කොළොන්නාවේදී “රාජා”ට  ‌වෙඩි තියලා!

Published

on

කොළොන්නාව – ගොතටුව මාර්ගයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්ත‌ේ 41 හැවිරිදි ගිහාන් මධුශංක නොහොත් “රාජා” ලෙස හඳුන්වන පුද්ගලයෙකි.

වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු තලංගම රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර තිබේ.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැත.

වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version