පුවත්

කෝකිලා රවි නඩුව සමථයට පත්වෙයි

Published

on

පෞද්ගලික රූපවාහිනී නාළිකාවක පැවැති දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් සිදුවී ඇති බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන මහත්මියගෙන් රුපියල් ලක්ෂ 200ක වන්දියක් ඉල්ලා හිටපු ඇමැති රවි කරුණානායක මහතා ගොනු කළ නඩුවක් කොළඹ දිසා අධිකරණයේදී ඊයේ (06) සමථයට පත් විය.

කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව අයදින බව ප්‍රකාශ කළේය.

තවද දෙපාර්ශ්වය විසින් ඇති කරගත් එකඟතාව අනුව රුපියල් දසදහසක මුදලක් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ අරමුදලට පරිත්‍යාග කර නඩුව සමථයකට පත් කර ගැනීමට අදහස් කරන බව වගඋත්තරකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේය. සමථ කොන්දේසි අනුව කටයුතු කරන ලෙස අධිකරණය දෙපාර්ශ්වකරුවන්ට නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ කාංචනා සේනානායක පෙනී සිටියාය.

Trending

Exit mobile version