පුවත්

කෝටිපති “දිගන මංගල” වෙඩි තබාගෙන

Published

on

මහනුවර තෙල්දෙණියේ පදිංචි ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකු වන මංගල ගුණවර්ධන මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.

මොහු දිගන නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි තම කාර්යාලයේදී ඊයේ (16) පස්වරු 12.15ට පමණ රිවෝලරයකින් මෙම වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇත.

මෙම ව්‍යාපාරිකයාට වාහන අලෙවි ආයතන, උකස් ගැනීමේ මධ්‍යස්ථාන, ලී බඩු ව්‍යාපාර, වෙළෙඳ නියෝජිතායතන ඇතුළු මහනුවර පල්ලේකැලේ, දිගන, තෙල්දෙණිය වැනි දිවයිනේ ප්‍රදේශ රැසක ව්‍යාපාර රැසක් පවතී.

මීට අමතරව පොලියට මුදල් ලබාදෙන ව්‍යාපාරයක්ද මොහු විසින් සිදුකරගෙන ගොස් ඇති අතර ව්‍යාපාර පවත්වාගෙන යාමේ පහසුව මත දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල කාර්යාල කිහිපයක් පවත්වාගෙන ගොස් ඇත.

54 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා දිගන මංගල නමින් ප්‍රසිද්ධ අතර ඔහු මෙරට ප්‍රබල ව්‍යාපාරිකයන්, දේශපාලකයන් ඇතුළු සමාජයේ උසස් පුද්ගලයන් රැසක් සමීපව ඇසුරු කළ අයෙක් ලෙසද ප්‍රකටය.

Trending

Exit mobile version