විදෙස් රටක සිට මෙරටට එවන ලද රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගූ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.
කාඩ්බෝඩ්වලින් සාදන ලද පෙට්ටියක ඉතා සූක්ෂම ලෙස අසුරා තිබුණු මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙතී 4,956ක් සොයාගෙන ඇති අතර එහි බර කිලෝග්‍රෑම් දෙකකට අධික බව සඳහන්ය.
ජර්මනියේ සිට අංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙත පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් කරමින් එම මත්පෙති තොගය ඒවා ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 495කට අධික බව රේගු දෙපාර්තමේනන්තුව සඳහන් කළේය.
අදාළ මත්පෙති තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.