Connect with us

පුවත්

කෝටි හතරක බඩු ගුවන්තොටෙන් පිටකරන්න ගිහින්

Published

on

රුපියල් කෝටි හතරක් පමණ වටිනා භාණ්ඩ තොගයක්  නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත්, තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීම තැත් කළ අක්කා මලෝ දෙදෙනෙක් ද සමග ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම ගුවන් මගීන් දෙදෙනා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක සහ 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත විදේශයන් වෙත ගොස් භාණ්ඩ ගෙනැවිත් දීමේ ව්‍යාපාරයක නිරත වී සිටින්නන් වේ .

මොවුන් දෙදෙනා අද දින උදෑසන 06.51 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් ව්‍යාපාරිකයන් සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ වෙන් කර ඇති “රක්ත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මොවුන් දෙදෙනාගේ ගමන් මලු තුළ මෝටර් රථ අමතර කොටස් , චන්ද්‍රිකා රූපවාහිනී උපාංග ( Satalight Television ) , වැට් – 69 විස්කි බෝතල් 18 ක් , ස්කොෂ් ලීඩර් විස්කි බෝතල් 29 ක් ,නීතිවිරෝධී ලෙස ආනයනය කළ විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් , එසී බ්ලැක් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි තොගයක් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව රැගෙන විත් තිබූ සැත්කම් පිහි 1,100 ක් , ඉන්දීය කෝපි පැකට් 2,220 ක් , රාත්‍රී ආලේපන ( Night Cream ) පෙට්ටි 100 ක් ද තිබී සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.

(ලංකාදීප)

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved