මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රු. කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රු. ලක්ෂ 40ක පමණ මුදලක් සොයාගෙන තිබේ.
මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් ලෙස කටයුතු කර තිබූ අතර, අනෙක් පුද්ගලයා මෙම කොල්ලකෑමේ සිද්ධියට සහයෝගය දැක්වූ අයෙක් බව වාර්තා වේ.