Connect with us

පුවත්

කෝටි 3ක් වංචා කළ ‘ඉන්ටනෙට් යාළුවා’

Published

on

අන්තර්ජාලය ඔස්සේ හිතවත්කමක් ඇතිකරගෙන ව්‍යාපාරිකයෙකු රවටා ඔහුගේ රුපියල් කෝටි තුනක මුදලක් සිය බැංකු ගිණුම් 16කට වංචාසහගතව බැර කරවාගත් බවට සැකපිට පුද්ගලයෙකු 2025 මැයි 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (29) නියෝග කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ස්ට්‍රේට් අල්ලාහ් නමැති සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බටේපොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැකකරු අන්තර්ජාලය ඔස්සේ පැමිණිලිකරු සමග හිතවත්කමක් ඇතිකරගෙන, දින කීපයකට පසු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යෝජනා කර ඇති බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදී

පැමිණිලිකරු එයට එකඟ වීමෙන් පසු, සැකකරු ව්‍යාපාරය සඳහා රුපියල් කෝටි තුනක් ආයෝජනය කරන ලෙස පවසා ඇත. ඒ අනුව, පැමිණිලිකරු විසින් සැකකරුගේ බැංකු ගිණුම් 16කට අවස්ථා කීපයකදී එම මුදල බැර කර ඇති බව විමර්ශනවලදී හෙළි වූ බව නිලධාරීන් අධිකරණයට පැවසීය.

මුදල් බැර කිරීමෙන් පසු, සැකකරු තම ජංගම දුරකතන අක්‍රිය කර පැමිණිලිකරු සමග තිබූ සම්බන්ධතාව නතර කර ඇති බව ද නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළහ.

තමන් වංචාවකට හසුවූ බව දැනගත් පැමිණිලිකරු, ඒ සම්බන්ධයෙන් පරිගණක අපරාධ අංශයට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බලා, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved