පුවත්

කෝටි 3ක වංචාවක් කර සජින් වාස් ගෙදරින් පැණගිහින්!

Published

on

රජයට අයවිය යුතු රුපියල් කෝටි තුනකට අධික බදු මුදල් ගෙවීම පැහැර හරින ලදැයි චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැති සජින් වාස් ගුණවර්ධන මහතා ඔහු පදිංචි නිවස අතහැර ගොස් ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (13) අනාවරණය විය.

රුපියල් කෝටි තුනකට අධික ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් හිටපු ඇමැති සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත.

එම නඩුවට දාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සජින් වාස් ගුණවර්ධනට අධිකරණය විසින් සිතාසියක් නිකුත් කර තිබිණි. 

එම සිතාසිය භාර දීමට විත්තිකරුගේ පදිංචි නිවස ලෙස සඳහන් බොරැල්ලේ පිහිටි නිවසට ගියද ඔහු එම නිවස අතහැර ගොස් තිබෙන බව අධිකරණයේ පිස්කල්වරයා, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව විත්තිකරුට අදාළ වෙනත් ලිපිනයක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අධිකරණය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නියම කළේය.

Trending

Exit mobile version