අයිතිකරුවන්ට තම අයිතිය නීතියානුකූලව පෙන්විය නොහැකි සැකකට යුතු රුපියල් කෝටි හයක් පමණ වටිනා ඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහ අශ්වබල 1000 යතුරුපැදියක් අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලැබුණ පෞද්ගලික තොරතුරකට අනුව අස්ගිරිය ප්‍රදේශයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක්ද අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සන්තකයේ තිබූ ප්‍රාඩෝ රථයක් සහ අධිබල යතුරුපැදිය එසේ අත්අඩංගුවට ගෙන තිබේ .
ව්‍යාජ අංක තහඩු සවිකොට තිබූ බව කියන මෙම නවීන ජීප් රථ සහ යතුරු පැදිය නීති විරෝධිව මෙරටට ආනයනය කරන මෝටර් රථද, එකලස් කරන ලද මෝටර් රථද එසේත් නොමැති නම් සොරකම් කරන ලද මෝටර් රථද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
මූලාශ්‍රය – ලංකාදීප